බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ අත්තනගල්ල කොට්ඨාසයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් රටට දායාද කරන අභිමානවත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව 1-11 ශ්‍රේණි දක්වා පාසලේ ඉගැන්වීම් සිදු කරන Type 2 වර්ගයේ පාසලකි.බෞද්ධාගමික පසුබිමක් තුළ ඉතා සැහැල්ලුවෙන් සුන්දරව සිසු දරුවන් අධ්‍යාපනයේ නිරත වේ.
ගුණාත්මක අධ්‍යාපනය තුළින් නව ලොවට ප්‍රතිභාපූර්ණ විශිෂ්ටයන් බිහි කිරීම.
පූජනීය වූ විදු පියසට සපැමිණි දරු කැළ ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඔවුන්ගේ බුද්ධිමය පරිකල්පනමය සෞන්දර්යමය වෘත්තිමය හා සාරධර්ම ශක්‍යතා පුබුදුවමින් සමබර පෞරුෂයකින් යුතු මානව ගුණයෙන් සපිරුණු අභිමානවත් දිරිය දරු පිරිසක් විශ්වයට උරුම කිරීම.