ශ්‍රී නිශ්ශංක විද්‍යාලය -

  ගම්පහ

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමේ වැඩසටහන

බුදු මැදුර නවීකරණය කොට විවෘත කිරීමේ මහා පුණ්‍යකර්මය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-08-03 at 08.34.48.jpeg

සහකාර විදුහල්පති පණිවිඩය

E.A.M. රාජපක්ෂ

අනාගත ලෝකයට මුහුණ දීමට හැකිවන පරිදි හා එම ලෝකය සමඟ කටයුතු කිරීමේදී මානුෂීය ගුණධර්ම රැකගෙන එයින් ඔපවත් වූ අධ්‍යාත්මික හා බාහිර ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයේ උගන්වන තෝතැන්නකි, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල කොට්ඨාසයේ කොස්කඳවල ග්‍රාමයේ පිහිටි පිහිටි ශ්‍රී නිශ්ශංක විද්‍යාලය.

අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටු කරගත හැකිවන පරිදි විසිඑක්වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි පෞරුෂයකින් හෙබි දරු කැලක් ලොවට දායාද කිරීම අපගේ අරමුණයි.එම අරමුණ පෙරදැරි කර ගනිමින් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල එක්ව සිසු දරු දැරියන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔස්සේ මෙහෙයවීමට අපි කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සිටිමු.එසේම,සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව නිර්මාණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළින් දරුවන්ගේ සාධන මට්ටම් මෙන්ම නිපුණතා ද සංවර්ධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.

මෙතුළින්, බුද්ධිමය පරිකල්පනමය, සෞන්දර්යාත්මක, වෘත්තීමය හා සාරධර්ම සක්‍යතා ගුණයෙන් සපිරිනු අභිමානවත් දරු දැරියන් පිරිසක් විශ්වයට උරුම කිරීමට අප ඇප කැප වන්නෙමු.

 

 

E.A.M. රාජපක්ෂ
සහකාර විදුහල්පති
ශ්‍රී නිශ්ශංක විද්‍යාලය.