ශ්‍රී නිශ්ශංක විද්‍යාලය -

  ගම්පහ

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

පාසලේ ඉතිහාසය

පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමේ වැඩසටහන

බුදු මැදුර නවීකරණය කොට විවෘත කිරීමේ මහා පුණ්‍යකර්මය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-08-03 at 08.34.48.jpeg

 

කොස්කඳවල ග්‍රාමයේ අත්තනගල්ල කොට්ඨාසයේ ගම්පහ කලාපයේ බස්නාහිර පළාතට අයත් බප/ගම්/ කොස්කඳවල ශ්‍රී නිශ්ශංක කනිෂ්ට විද්‍යාලය අර්ධ නාගරික පරිසරයක පිහිටි පාසලකි. මෙම පාසල වර්ෂ 1965 ජනවාරි මස 06 වන දින ගමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන කොස්කඳවල සිරි  සුනන්දාරාම විහාරස්ථ කුඩා ධර් ම ශාලාවේ ළමුන් 22 කුගෙන් ආරමභ විය. ගෞරවනීය නාවගේ සරණංකර හිමිපාණන් සහ ශ්‍රී සිද්ධාර් ථ නාහිමිපාණන්ගේ කැපවීම හා නිර් මාණ දායකත්වය යටතේ මුල්පියවර තැබුණි.

වසර 2කට ආසන්න කාලයක් කොස්කඳවල විහාරස්ථාන ධර් ම ශාලාවේ පවත්වාගෙන ආ මෙම පාසල කොස්කඳවල කිරිකිත්තමුල්ල පාඨශාලීය ක්‍රියාකාරී මණ්ඩලය විසින් අක්කර 2 පර්චස් 24 ක භූමි ප්‍රමාණයක ගොඩනැගිල්ලක් සාදා රජයට පවරා දෙන ලදී. වැඩ බලන ප්‍රධානාචාර් ය ලෙස ඒ. ඩී.අයි. නිශ්ශංක මහතා පත් කරන ලද අතර උප ගුරුවරිය වශයෙන් කේ. ඒ. ඩී. ප්‍රඥාවතී මහත්මිය සේවය කර ඇත. වර්ෂ 1967 පෙබරවාරි මස 01 වන දින මෙම විදුහල ශ්‍රී නිශ්ශංක විද්‍යාලය නමින් නම් කර ඇත.

පාසලේ ප්‍රධාන පෝෂිත ප්‍රදේශය කොස්කඳවල ග්‍රාමය වන අතර ආසන්නතම නගරය යක්කල වේ. යක්කල සිට කිලෝ මීටර 3 ක් දුරින් පිහිටි මෙම විද්‍යාලය 231 ගම්පහ - කිරිඳිවැල මාර් ගයේ ප්‍රධාන පාරට මුහුණ ලා පිහිටා ඇත.

එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ කොස්කඳවල ශ්‍රී නිශ්ශංක කණිෂ්ඨ විද්‍යාලය වර් තමානයේ භෞතික සම්පත් වලින් හා මානව සම්පත් වලින් සංවර් ධනය?්‍ර+ වෙමින් පවතින සුන්දර පාසලකි.

 

ආරම්භ කළ වර්ෂය

1965 ජනවාරි 06

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

22

මුල් ගුරුතුමාගේ නම

ඒ.ඩී.අයි. නිශ්ශංක මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

මුල්පාසල පැවැත්වූ ස්ථානය

 කොස්කඳවල සිරි  සුනන්දාරාම විහාරස්ථානය
නව ස්ථාපිත ස්ථානයට පැමිණීම 1966. සැප්තැම්බර් 07