- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම දිනපතා විදුහලට පැමිණෙන විට ශිෂ්‍ය වාර්තා පොත අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුය.එසේ නොකළහොත් විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ නොලැබිය හැක ිය.
- පෙරවරු 7.25 වන විට පන්ති කාමර හා අවට පිරිසුදු කිරීමේ කටයුතු නිම කළ යුතුව ඇත.
- ප්මාරද වී පැමිණීම අංශ ප්‍රධානීන් විසින් මෙම පොතෙහි සටහන් කරනු ලැබේ. එම සටහන් දෙමව්පිය භාරකරුවන් දුටු බවට අත්සන් තැබිය යුතුය.
- සනීපයේදී හැර අන් කිසිදු අවස්ථාවක විදුහලට නොපැමිණ නොසිටිය යුතුය. නොපැමිණි සෑම අවස්ථාවකම ශිෂ්‍ය වාර්තා පොතේ නියමිත පිටුවේ දෙමාපියන් විසින් සටහන් කළ යුතුය. වාරයකට ප්‍රමාද වී පැමිණීම් තුනක් ඉක්මවන අවස්ථාවේ විශේෂ දැනුම් දීමකින් දෙමව්පියන් කැඳවනු ලැබේ.
- පන්ති පැවැත්වෙන කාලසීමාව තුළදී පෞද්ගලික අවශ්‍යතා සඳහා පංතියෙන් බැහැරව යා හැක්කේ සිසුන් දෙදෙනෙකුට පමණි. පළමුව බැහැර ගිය සිසුන් පන්තියට ආපසු පැමිණෙන තෙක් අන් අයට බැහැරට යා නොහැක ි ය.
- පංතියෙන් බැහැර යාම පන්තිභාර ගුරු බවතා හෝ පන්තියට පැමිණෙන වෙනත් ගුරු බවතෙකු හෝ පන්ති නායකයන් දැනුවත් විය යුතුය.
- සෞන්දර්ය, ක්‍රීඩා ,පුස්තකාල, විද්‍යාගාර ආදී කටයුතු සඳහා බැහැරව යාමේදී පේළි වශයෙන් ගමන් කළ යුතුය.ආපසු පැමිණීමත් පේළි වශයෙන් සිදු විය යුතුය.
- කිසිම විටෙක පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා විදුහලෙන් බැහැරව යා නොහැකිය. විද්‍යාලීය අවශ්‍යතාවයක් මත විෂය සමගාමී විෂය බාහිර කටයුතු සඳහා පාසලෙන් බැහැරව යා හැක ිය .එවැනි අවස්ථාවකදී පන්තිභාර ගුරු බවතා දැනුවත්ව අංශ ප්‍රධාන ගුරුභවතාගේ අවසරය ඇතිව අදාළ ගුරු තුමා සමග සහභාගි විය යුතුය ි.
- අසනීප තත්ත්වයක් වැනි අත්‍යවශ්‍ය කාරණයකදී ස්ථිර වශයෙන් පාසලෙන් බැහැරව යන්නේ නම් ඒ සඳහා අවසර ලැබෙනුයේ මව පියා හෝ භාරකරුවකු සමග යාමට පමණි. ඒ සඳහා පූර්ණ අනුමැතිය විදුහල්පතිවරයාගෙන් ගත යුතුය. පෞද්ගලික හේතු මත පාසලෙන් බැහැර යාමකදී ඒ ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් විය යුතුය.
- පාසල් වේලාව තුළදී හේතු රහිතව අනවසරයෙන් පාසලෙන් බැහැරව යාම හෝ පන්තිවලට සහභාගී නොවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදකි .
- පිළිගත හැකි හේතු රහිතව අනවසරයෙන් පාසලේ රැඳී සිටීම දඬුවම් ලැබිය හැකි වරදකි.
- පස්වරු 1.30 පසුව පාසලේ රැඳී සිටීම ගුරු භවතකුගේ අනුමැතිය ඇතිව හෝ ගුරු භවතකු සමග සිදුවිය යුතුය.
- පාසල් වේලාවෙන් පසුව රැඳී සිටිනවා නම් අනිවාර්යයෙන් ඔබේ දෙමාපියන් දැනුවත් කර අවසර ලබාගත යුතුය.
- පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීම් සඳහා සියලුම දෙමාපියන් අනිවාර්යයෙන් සහභාගී විය යුතුය.
- විද්‍යාලයේ සියලු දේපොළ පොදු දේපළ වේ. විද්‍යාලයේ සියලු දේපළ ඔබ විසින් ආරක්ෂා කළ යුතුය.
- විද්‍යාලය සතු කිසියම් දේපළකට ඔබ විසින් සිතාමතා යම් අලාභ හානියක් සිදු කළහොත් සිසුන් ලවා පිළිසකර කරවීම අධීක්ෂණයකට යටත්ව කිසියම් දඬුවමකට යටත් වීමට සිදුවේ.
- විද්‍යාලය විසින් වාර්ෂික වැය කරනු ලැබෙන සියලුම ගාස්තුව පළමු පාසල් වාරය තුළදී ගෙවා නිම කළ යුතුය .සියලුම ගෙවීම් පන්තිභාර ගුරු මහතා මහත්මියට භාරදී රිසිට් ලබා ගැනීම ශිෂ්‍ය ශිෂ්‍යාවගේ වගකීම වේ.







