ශ්‍රී නිශ්ශංක විද්‍යාලය වත්මන් තත්ත්වයට පැමිණියේ දශක තුනක් තිස්සේ දහසකුත් එකක් දුෂ්කරතා පෙරදැරි කරගෙනය. ගමේ විහාරස්ථානය අධ්‍යාපනය ප්‍රවර්ධනයට තෝතැන්නක් විය. ක්‍රිස්තු වර්ෂ 1965 ජනවාරි මස 6 වන දින ගමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම ඓතිහාසික මහා විහාරස්ථානයේ කුඩා ධර්ම ශාලාවේ ළමුන් විසි දෙදෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාඨශාලාව ගෞරවනීය නාවගේ සරණංකර හිමිපාණන් සහ ශ්‍රී සිද්ධාර්ථ නාහිමිපාණන්ගේ කැපවීම හා නිර්මාණ දායකත්වය යටතේ මුල් පියවර එසවිය.
කොස්කඳවල පාඨශාලාව නමින් මූලිකව හැඳින්වූ මෙම විදුහලේ සිත් සතර බෙදා දුන් සමාරම්භක ඇදුරු මඩුල්ල වශයෙන් කටයුතු කළේ කේ.ඒ.ඩී. ගුණවතී මහත්මිය සහ ඩී .ජයකොඩි මහතාය.







