දරුවන් ජාතියට මහර්ග සම්පතකි. දරුවා සතුව පවතින ශක්‍යතා මතු කරමින් දක්ෂතා අගයමින් නැණ ගුණ සපිරි දරුවන් රටට දායාද කිරීම පාසලක් තුළින් සිදුවිය යුතුය. ඕනෑම දරුවෙකුට ඕනෑම විෂයක් ඉතා නිවැරදිව අධ්‍යයනය කිරීමට තමන්ගේ මව් බස පිළිබඳ නිපුණතාවක් ලබා තිබීම අත්‍යවශ්‍ය වේ. සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයකින් යුතු වූ දරු කැලක් පාසල තුළ නිර්මාණය කිරීමට නොයෙකුත් ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. එවන් බොහොමයක් ක්‍රියාකාරකම් අතරින් සිංහල සාහිත්‍ය සමිතිය ඉහළින්ම තැබිය හැකිය. දරුවන්ගේ සන්නිවේදනය පෞරුෂය ඔප්නංවා ගැනීමට මෙමගින් සිදුවන මෙහෙය අති මහත්ය.







